30 C
Galle

අධික සීතල නිසා කන්තලේ දරුවන් දෙදෙනකු මරුට

Published:

අධික සීතල දරාගත නොහැකිව කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ, රජඇළ ප්‍රදේශයේ පදිංචි වයස මාස දෙකහමාරක බිළිඳියක සහ කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 03ක් වූ පිරිමි දරුවෙකි.

තුන් හැවිරිදි පිරිමි දරුවාට අධික ශීතලත් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී තිබේ. ඔහු පෙනහළු රෝගයකින් පීඩාවිඳි දරුවකු බව ද වාර්තා වේ.

මොවුන් දෙදෙනා ම ඊයේ (09) අලුයම මියගොස් තිබිණි.

දිවයින පුරා ඇති අධික ශීත කාලගුණික තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට ශ්වසන අපහසුතා ඇතිවිය හැකි බවත් නිදන්ගත රෝග හෝ ආබාධ සහිත දරුවන් වඩාත් අවදානම් බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. මේ නිසා එවැනි දරුවන් හැකිතාක් උණුසුම්ව තබාගන්නා ලෙසත් සීතලෙන් මුදවාගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!