28.3 C
Galle

දින කිහිපයකට පසු හිරු එළිය පතිත වෙයි. වායු දූෂණයට අඩුවෙලා

Published:

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දින කිහිපයකට පසු අද (11) උදෑසන හිරු එළිය පතිත වී තිබේ.

මෙලෙස හිරු එළිය පතිත වී ඇත්තේ වායුගෝලයේ තිබූ දූෂිත මට්ටම අද වනවිට ක්‍රමයෙන් පහව යාම හේතුවෙනි.

අද (11) උදෑසන 8.00 වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ව දර්ශකය 123ක් දක්වා පහළ ගොස් තිබිණි. ඊයේ එම අගය 191ක් වැනි ඉහළ අගයක පැවති බව ‍ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික ‍අධ්‍යයන හා සේවා අංශය පවසයි.

එමෙන්ම පුත්තලම 117, යාපනය 109, මහනුවර 106, පොළොන්නරුව 103, කුරුණෑගල 100, කෑගල්ල 97 ලෙස එම අගය දූෂිත මට්ටම මේ වනවිට අඩු වී ගොසිනි. කෙසේ වෙතත් වායුගෝලීය දූෂිත මට්ටම 100කට වැඩිනම් එය රෝගාබාධ සහිත පුද්ලයන්ට, කුඩා දරුවන්ට අහිතකර බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

error: Content is protected !!