30 C
Galle

සතකුගේ ජීවිතය බේරා යුද හමුදා සැරයන් දිවියෙන් සමුගනී

Published:

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, අඹවත්ත ප්‍රදේශයේ දී පාර හරහා පැන්න බල්ලකු බේරීමට ගිය යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා සැරයන්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරුපැදියේ දෙදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් පුපද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.

අනතුර සිදුවන ආකාරය අසළ වෙළෙඳ සැළක ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!