30 C
Galle

ධීවර යාත්‍රාවක් පෙරැළී 04ක් බේරාගනී. අයෙක් අතුරුදන්

Published:

බෝට්ටුව පෙරැළී යාමෙන් මුහුදේ දී අනතුරට පත්ව සිටි ධීවරයන් 04 දෙනකු බේරාගත් බවත් එක් අයකු අතුරුදන්ව ඇති බවත් නාවික හමුදාව පවසයි.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදේ දී අනතුරට පත්ව ඇත.

ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය නොවැම්බර් මස 26 වන දින පිටත් වූ මෙම යාත්‍රාව ගැඹුරු මුහුදේ දී පෙරැළී තිබුණු බව නාවික හමුදාව පවසයි. එම අනතුර පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ “රණරිසි” නෞකාව මගින් ඔවුන් අතරින් තිදෙනකු බේරාගෙන තිබිණි. අතුරුදන්ව සිටි දෙදෙනා සොය‍ා මෙහෙයුම් කරද්දී එක් අයකු පෙරැළී තිබූ බෝට්ටුවේ එන්ජින් කාමරයේ සිරවී සිටිය දී සොයා ගත් බව නාවික හමුදාව කියයි. ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට අවශ්‍ය බැවින් හැකි ඉක්මණින් ගොඩබිමර රැගෙන එන බවත් අතුරුදන් අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් දියත් කරන බවත් වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!