28.3 C
Galle

කොළඹ පැය දෙකක මෙහෙයුමකින් 25 දෙනකු අත්අඩංගුවට

Published:

කොළඹ මාලිගාවත්ත පොලිසිය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

ඊයේ (11) රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පැය දෙකක කාලයක් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර එහි දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර අධිකරණයේ වරෙන්තු ලබා සිටින පුද්ගලයන් 10 දෙනකු ද සිටින බව වාර්තා වේ.

මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මාලිගාවත්ත, මරදාන, ග්‍රෑන්ඩ්පාස් සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදුකර තිබිණි.  

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, අයිස් සහ මාවෝ වැනි මත්ද්‍රව්‍ය හමුවූ බවත් ඔවුන් අද (12) අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.

Related articles

error: Content is protected !!