28.3 C
Galle

බදු පනතට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධය

Published:

බදු පනතට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිිබේ.

එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහක පවසන්නේ රජය විසින් හඳුන්වාදුන් මෙම බදු පනත හේතුවෙන් බොහෝ වෘත්තිකයන් රට හැර යාමට කටයුතු කරන බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි බදුගෙවනවාට විරුද්ධ නෑ. ‍රජය පසුගිය දා සම්මත කරපු බදු සංශෝධන පනතට විරුද්ධයි. ඒ බදු ප්‍රතිපත්තියට අපි විරුද්ධයි. අද අපි එක්දින සංකේත වැඩ වර්ජනයක්ක කරනවා. ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව ශිෂ්‍යයන්ගේ වි‍රෝධතාවක් ද සංවිධානය කර තිබෙනවා. කොළඹ ආසන්නයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් දහවල් 12.00 සිට 1.00 දක්වා පැයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා. මේ බදු ප්‍රතිපත්තිය අනුව රටේ වෘත්තිකයන් උගතුන් බුද්ධිමතුන් රට හැර යන්න කටයුතු කරයි.”

Related articles

error: Content is protected !!