30 C
Galle

සුළුපියාගේ පා පහරින් 06 හැවිරිදි දරුවා මරුට

Published:

සිය බාප්පාගේ පහරදීමක් හේතුවෙන් 06 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, පහළගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

ඊයේ (12) රාත්‍රී මියගිය දරුවාගේ සුළු පියා විසින් උදරයට පා පහරක් එල්ල කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී දරුවා මියගොස් ඇත. වෛද්‍යවරු පවසන්නේ දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා සැත්කමක් සිදුකළ ද ඔහු මියගිය බවයි.

පා පහර එල්ල කර ඇත්තේ දරුවාගේ මවගේ දෙවැනි සැමියා විසිනි. සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!