30 C
Galle

මාරක අනතුරක් කර ඩුබායි පැන්න රියදුරා රිමාන්ඩ්

Published:

කොල්ලුපිටියේ දී මාරක අනතුරක් සිදුකර ඩුබායි රාජ්‍යයට පළාගොස් සිටි සැකකරු ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්න යැයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් වයි.ප්‍රභාකරන් අද (13) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කොළඹ 10 පදිංචි මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රයිසුල් නමැති 26 හැවිරිදි අයෙකි.

අනතුර සිදුකර පළාගිය සැකකරු ‍ඩුබායි වෙත ගොස් සිටි අතර ඊයේ (12) රාත්‍රී 9.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊකේ 648 දරණ යානයෙන් නැවත පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු කොල්ලුපිටිය පොලිසියට භාරදීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය. මෝටර් රථයේ රියදුරු එම මොහොතේ ම පළාගිය බව පොලිසිය කීවේය.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් එම ස්ථානයේ දී පහරදීමක් සිදුකළ බව කියමින් එම කාන්තාවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!