30 C
Galle

පේරාදෙණිය සරසවි සිසුන් 10ක් රිමාන්ඩ්

Published:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පරහ දී නිල නිවසට ද අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනකු ලබන 22වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර අද (13) නියෝග කළේය.

ඔවුන් එදින හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. රජයේ ‍දේපළවලට හානිකිරීම, පහර දී තුවාල කිරීම, ප්‍රචණ්ඩකාරී හැසිරීම, අයුතු ජනරාශිය යන චෝදනා යටතේ මෙම සිසුන් 10 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!