28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 15,463 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,348ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 30ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,832ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 188
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 180
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 151

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 18
  • අම්බන් කැපිටල් සමාගම  කොටස් මිලියන 06
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඔටෝඩ්‍රොම් සමාගම 17%
  • ඒසියා ඇසස්ට් සමාගම 17%
  • ලංකා වෙන්චර්ස් එනර්ජි සමාගම 11 %

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 215
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 22 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 06 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 16ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එච් සෙනිට් සමාගම රුපියල් මිලියන 08
  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 05
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1.7
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 1.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!