30 C
Galle

රෝහලේ සිව්වන මහලින් ඇද වැටුණු රෝගියා මරුට

Published:

කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිව්වන මහලින් බිමට ඇද වැටුණු රෝගියෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත පදිංචි කුරුප්පු ආරච්චිගේ චන්ද්‍රසෝම නැමැති 65 හැවිරිදි පුද්ගලයෙකි. අද (14) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.

මාස තුනක පමණ කාලයක සිට රෝහලේ නේවාසිකව, ප්‍රථිකාර ලබමින් සිට ඇති මෙම පුද්ගලයා උගුරේ ඇති වූ පිළිකා තත්ත්වයකින් ‌පීඩා විඳිමින් සිට ඇති බව පොලිසිය පවසයි.

රෝහලේ සිව්වන මහලේ උගුර කන නාසය ඒ්කකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒම වාට්ටුවේ ආහාර ගැනීමට වෙන්කර ඇති ස්ථානයේ කවුළුවකින් මෙම පුද්ගලයා බිමට පැන ඇති බව පොලිසිය සිදුකළ මූලික පරික්ෂණ වලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව ඇත.

Related articles

spot_img
error: Content is protected !!