30 C
Galle

පෙරළුණු යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනකු ගොඩබිමට ගෙන එයි

Published:

ගාල්ලෙන් මුහුදු ගොස් අනතුරට පත්වූ “චමී මල්ලී” බහුදින යාත්‍රාවේ සිට දිවි ගලවාගත් ධීවරයින් තිදෙනා වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන නාවික හමුදාවට බාරදීමෙන් පසු ඔවුන් ඊයේ (13) රාත්‍රී හම්බන්තොට වරායට ගෙනවිත් රෝහල්ගත කර ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අයහප් කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රාව පෙරළී තිබිණි. බෝට්ටුවේ සිටි ධීවරයන් හය දෙනාගෙන් තිදෙනකු අනතුරින් පසු අතුරුදන්ව ඇත. ගාල්ල ධීවර වරායෙන් ‌පසුගිය 22වනදා ධීවර කටයුතු සඳහා මොවුන් පිටත්ව ගොස් තිබේ.

අතුරුදන් වූ ධීවරයන් තිදෙනා මෙතෙක් හමු වී නැත. මුහදේ පාවෙමින් තිබූ මළ සිරුරක් නාවුක හමුදාවට හමුවී ඇතත් මුදාගත් ධීවරයින් පවසා ඇත්තේ ඒම සිරුර ඔවුන්ගේ යාත්‍රාවේ සිටි අයෙකුගේ නොවන බවයි. කෙසේවුවද ඒම සිරුර ද ගෙනවිත් හම්බන්තොට රෝහලේ තැන්පත් කළ බව නාවුක හමුදාව සඳහන් කරයි.

වෙනත් බෝට්ටුවක් විසින් බේරාගත් ධීවරයන් මුහුදේ දී බාරගෙන ‍ ගොඩබිමට ගෙනවිත් ඇත්තේ දකුණු නාවුක විධානයට අයත් පී 436 වේග ප්‍රහාරක යාත්‍රාව මගිනි.

Related articles

spot_img
error: Content is protected !!