28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 17,003 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,270ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,813ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 728
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 509
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 116

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 08
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඔටෝඩ්‍රොම් සමාගම 15%
  • සෙරන්ඩිබ් හෝටල් සමාගම (X) 11%
  • හේලීස් ලෙෂර් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 245.00 බැගින්
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 28.50 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 2,450,000ක් රුපියල් 210.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 210
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 608 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 54 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 654ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 560
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 14
  • එච් සෙනිට් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!