26.9 C
Galle

මෛත්‍රීට එරෙහි පාස්කු ප්‍රහාර වන්දි නඩුව විභාගයට දින නියම වේ. රනිල්ට එරෙහි නඩුව බහා තබයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 27 වැනි දා විභාග කිරීමට තීරණය කළ මීගමුව අති‍රේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු නුවන් තාරක හීනැටිගල රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ඔහු ජනාධිපතිවරයාව සිටින තුරු බහා තැබීමට ද තීරණය කළේය.

දිසා විනිසුරුවරයා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දැන් ජනාධිපතිධූරයේ නොමැති බැවින් ඔහුට එරෙහි නඩුව විභාග කළ හැකිබවයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයේ සිටින තුරු නඩුව විභාග කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.

රුපියල් ලක්ෂ 50 සිට රුපියල් කෝටි 6 දක්වා වන්දි අයකර දෙන්නැයි මෙම නඩුව ගොනුකර තබේ. රනිල් වික්‍රමසිංහට එරෙහිිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන විනිර්මුක්තිය ලබාදෙන්නේ නම් මෛත්‍රීපාල සිරිිසේනට ද එම විනිර්මුක්තිය ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලා සිටියහ. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!