26.9 C
Galle

ආච්චි-සීයා, මව-පියා, දියණිය-බෑණා එකම දවසේ විවාහ වූ අපූරු මංගල්‍ය උත්සවයක් මහනුවර දී

Published:

ආච්චි-සීයා, මව-පියා සමඟ දුවත්-බෑණාත් එකම දවසේ විවාහ වීමේ අපූරු පුවතක් මහනුවරින් වාර්තා වේ.

නීත්‍යානුකූලව විවාහ නොවී පවුල් ජීවිත ගත කළ යුවළ විවාහ කරදීමේ වැඩසටනක් යටතේ යටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් 19ක් මෙලෙස විවාහ කර දී තිබිණි.

එහි දී ආච්චි-සීයා සහ ඔවුන්ගේ දරුවකු (මව-පියා) සහ එම යුවළගේ දියණිය සහ බෑණා ද සිටීම විශේෂත්වයකි.

නීත්‍යානුකූල විවාහ නොවී පවුල් ජීවිත ගත කිරීමෙන්, අර්ථසාධක අරමුදල් ලබාගැනීමේ දී ඇතිවන ගැටලු, රජයේ ආධාර හා දීමනා ලබාගැනීමේ දී ඇතිවන ගැටලු ගැන දැනුම්වත් කිරීමෙන් පසු මෙම විවාහ ලියාපදිංචිය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුවිය.

එහි දී සිදුකෙරුණු විවාහ 19 සඳහාම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා අත්සන් කිරීම ද විශේෂත්වයකි.

Related articles

spot_img
error: Content is protected !!