29.2 C
Galle

ක්‍රීඩා මාධ්‍යවේදියකුගේ විදෙස් ගමන් තහනම්. ජනශක්ති සභාපති ඝාතනයට සොයයි

Published:

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශා‍ෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ‍පරීක්ෂණවලට අවශ්‍යව සිටින ක්‍රීඩා මාධ්‍යවේදී බ්‍රයන් තෝමස්ගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (16) නියෝග කළේය.

පොලිසිය වසන්නේ ඝාතනයට ලක් වූ දිනේෂ් ශාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර රුපියල් මිලියන 138ක ගණනක ගනුදෙනුවක් සිදුව ඇති බවිය. මේ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක දී බ්‍රයන් තෝමස් අත්අඩංගුවට ගෙන තිබූ බව ද පොලිසිය සඳන් කරයි.

පොලිසිය සැකකරන්නේ ජනශක්ති සභාපතිවරයා ඝාතනය කිරීම කිසියම් කොන්ත්‍රාත්තුවක් මත සිදුවන්නට ඇති බවයි. ශාෆ්ටර්ගේ කාරය කාස්ල රෝහල දෙසින් ඇති පිවිසුමෙන් බොරැල්ල කනත්තට ඇතුළු කර තිබූ අතර කනත්තේ දී රියදුරු අසුන මත ම ඔහු බැඳදමා ගොස් තිබිණි.

ජාතික රෝහලට ඇතුළත් කළ ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.

Related articles

error: Content is protected !!