26.9 C
Galle

ග්‍රාම නිලධාරීවරුන්ට ස්ථාන මාරුවීම්

Published:

වසර 05ක සේවා කාලය එකම වසමක් තුළ සම්පූර්ණ කර ඇති සියලුම ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස 01 වැනි දා සිට අනිවාර්යයෙන් ම ස්ථානමාරු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ස්ථානමරුවීමක් නොකිරීමට විශේෂ හේතුවක් ඇති ග්‍රාම නිලධාරීන් හැර, එකම වසමක වසර 05ක සේවා කාලය සම්පූර්ණ කළ සියු ම නිලධාරීන් මෙලෙස ස්ථාන මාරු කෙරේ. විශේෂ හේතු ඇති අයගේ අභියාචනා දිස්ත්‍රික් සහ අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවල දී මීට ඉහත දී සළකා බලා තිබිණි.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම කාර්යයට අදාල උපදෙස් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනටම් ලබා දී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!