26.9 C
Galle

ධනුෂ්කගේ ඉල්ලීමකට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් අවසර ලැබෙයි

Published:

කාන්තාවක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තනි කාමරයක් සහිත මහල් නිවාසයක පදිංචියට යාම සඳහා සිඩ්නි මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් ඊයේ (16) අවසර දී තිබේ.

ඔහු මෙතෙක් පදිංචිව සිටියේ හතවතකුගේ නිවසකය. මෙම නඩුව සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය දීර්ඝ එකක් විය හැකි බැවින් වෙනත් ස්ථානයක පදිංචියට යාමට ඉඩ දෙන ලෙස ධනුෂ්ක ගුණතිලක විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම අවසරය ලැබී තිබිණි.

එම ඉල්ලීමට අනුව මෙම අවසරය ලැබී ඇති අතර නඩුව නැවත ජනවාරි 12 වැනි දා කැඳවීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!