26.9 C
Galle

සිසුන්ට අමානුෂික දඬුවමක් දුන් විදුහල්පතිනියට ස්ථාන මාරුවක්

Published:

පාසල් සිසුන් කෑම ගැනීමේ දී මේසය මත විසිරී තිබූ බත් ඇට දිවෙන් ඉවත් කරන්න යැයි නියෝග කළ විදුහල්පතිනිය මාතර කලාප කාර්යාලයට තාවකාලිකව මාරුකර යැවූ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

මෙලෙස මාරුකර යවා ඇත්තේ දික්වැල්ල කලාපයට අයත් ගොඩඋඩ මහා විද්‍යාලයේ විදුහල්පතිනියයි.

එම පාසලේ සිසුන් පිරිසක් එක්ව බත් පාර්සල් කිහිපයක් සාමූහිකව ආහාරයට ගැනීමේ දී පාසල් සිසුන්ගේ ම මේස මත විසිරී තිබූ බත් ඇට දිවෙන් ඉවත්කරන්න යැයි විදුහල්පතිනිය නියෝග කර තිබිණි. විදුහල්පතිනිය දුන් මේ දඬුවවේ වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත්ව තිබිණි.

සති දෙකකට පමණ පෙර සිදු වූ මේ සිද්ධිිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී ඇති අ තර එම පරීක්ෂණ අවසන්වනතුරු ඇය මාතර අධ්‍යාපන කලාප කාර්යාලයට මාරුකර යවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!