26.9 C
Galle

ජ’පුර විශ්වවිද්‍යාල සිසුවෙක් වීරවිල දී මරුට

Published:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු වීරවිල වැවේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. සිසු සිසුවියන් 30 දෙනකු පමණ සමන්විත පිරිසක් සමඟ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පිහිටි සිසුවකුගේ නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටිය දී වීරවිල වැවේ දිය නෑමට ගොස් ඇති බව ද පොලිසිය කියයි.

වීරවිල වැවේ සොරොව්ව අසළ දිය නාද්දී දියේ ගිලී ඇත.

Related articles

spot_img
error: Content is protected !!