27.7 C
Galle

මාතරින් මුහුදට ගිය මෝටර් රථය

Published:

කතරගම, කොළඹ ප්‍රධාන මාර්ගයේ මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී කාරයක් මුහුදට ගොස් අනතරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

දෙවුන්දර දෙස සිට මාතර දෙසට ධාවනය වූ මෙම රථය වේගය පාලනය කරගත නොහැකිව මුහුදට වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.

රථය ධාවනය කරගෙන පැමිණ ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ප්‍රදේශවාසීන් එක්ව ඔහු බේරාගෙන තිබේ. 50 හැවිරිදි වියේ පසුවන ඔහු කම්පන තත්වයකින් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

මාතර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Related articles

spot_img
error: Content is protected !!