29.2 C
Galle

රුහුණ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අත්අඩංගුවට

Published:

රුහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ඇති වූ සිද්ධියක් හේතුවෙන් එහි සිසුන් 11 දෙනකු අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය නරඹමින් සිටි සිසුන්ගේ කෑ ගැසීම වැඩි යැයි නේවාසිකාගාරයේ පාලකයකු විසින් සිසුන්ට පවසා තිබූ බවත් මේ හේතුවෙන් උරණ වූ සිසුන් ඔහුට පහරදීමට තැත් කරමින් ඔහුගේ කාමරය වටලා හිරිහැර කිරීම හේතුවෙන් ‍සිසු පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද පැමිණ පරීක්ෂණ සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සිසු පිරිස හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!