27 C
Galle

වාද්දුවේ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක ගින්නක්

Published:

වාද්දුව, මොරන්තුඩුව පාරේ පිහිටි ඇඟළුම් ප්‍රදර්ශනාගාරයක ඇති වූ ගින්නකින් එහි තිබූ රෙදිපිළි මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ඇඟළුම් කර්මාන්ත ආයතනයක් මගින් පවත්වාගෙන යන මෙම ප්‍රදර්ශනාගාරයේ දෙවැනි මහලේ ගින්න හටගෙන ඇත. කළුතර නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දමා ඇත.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇතැයි සැකකරන අතර ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුව නැත.

වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!