27 C
Galle

එප්පාවල පිරිමි දරුවකු පැහැරගෙන

Published:

එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි පිරිමි ළමයකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.

මෙලෙස පැහැරගෙන ඇත්තේ පී.කේ.දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති දරුවෙකි. ඔහු කිරලෝගම, ගැටදිවුල, අංක 16 දරණ නිවසේ පදිංචිව සිටියේය.

කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව්වන වසරේ ඔහු ඉගෙන ගනිමින් සිටි බව දෙමාපියෝ කියති.

මව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම පුතා කි‍රලෝගම ප්‍රදේශයේ විදුලි කාර්මික ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සමඟ හිතවත්ව සිටි බවයි. මෙම පැහැරගැනීමට ඔහු පිළිබඳ සැකයක් ඇතැයි ද මව පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!