29.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 15,594 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,824ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 117ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,508ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,418
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 389
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 162

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20
  • ‍සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම  කොටස් මිලියන 07
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ලංකා සමාගම 20%
  • ලී හෙජස් සමාගම 11%
  • ජෝන් කීල්ස් සමාගම 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 140.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 250,000ක් රුපියල් 210.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 5.128ක් රුපියල් 210.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 401
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193.1
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,235ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 38 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,197ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,199
  • මෙල්සටා කොප් සමාගම රුපියල් මිලියන 20
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 31

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!