27 C
Galle

පාර අයිනේ සිටි කතුන් තිදෙනකු මරු තුරුළට යැවූ වෑන් රථය

Published:

නාරම්මල බැඳිගමුව හන්දියේ දී මාර්ගය අයිනේ සිටි කාන්තාවන් තිදෙනකු වෑන් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි.

ඔවුන් තිදෙනා ඊයේ (20) සවස බසයක් එනතුරු සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත. වෑන් ර‍ථයේ ගැටුණු කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනකු එම ස්ථානයේ ම මියගොස් සිටි බවත් අනෙක් කාන්තාවව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් පොලිසිය සඳහන් කළේය.

මෙලස මියගොස් ඇත්තේ නාරම්මල බැඳිගමුවේ පදිංචි ජයකොඩි ආරච්චිලාගේ චනද්‍රාවතී ලද්දුසිංහ බදු සාමාවතී, බාලසූරිය ආරච්චිලාගේ කාන්ති චන්ද්‍රලතා යන තිදෙනෙකි.

කුරුණෑගල සිට නාරම්මල දෙසට අධික‍ වේගයෙන් පැමිණි වෑන් රථය එම තිදෙනා යටකරගෙන ගොස් කුඹුරකට වැටී නතර වී තිබිණි.

මෙම කාන්තාවන් සමෘද්ධි බැංකුවට යාමට සිටිය දී මේ අනතුරට මුහුණ දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!