29.2 C
Galle

වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවකු මරුට

Published:

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවකුට අලියකු පහර දීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා සිටි රශීම් මොහොමඩ් රාසීද් නමැති 17 හැවිරිදි පාසල් සිසුවකි.

ඔහු තිසාවැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. වී වෙළෙඳාමේ නිරත ඥාතියකු බසයට ඇරලවීම සඳහා යතුරුපැදියකින් පැමිණ යළි නිවස බලා යමින් සිටිය දී අද (21) අලුයම 4.45ට පමණ ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

Related articles

error: Content is protected !!