29.2 C
Galle

කොටස් වෙළෙඳ පොළට විදේශිකයෝ කෝටි 298ක් ආයෝජනය කරති

Published:

විදේශ ආයෝජකයෝ පසුගිය සති කිහිපයේ ම කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කිරීමේ දැඩි උනන්දවක් දක්වා තිබිණි.අ ද (21) දිනයේ පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම්වලට විදේශිකයන්ගෙන් රුපියල් කෝටි 298ක අ‍යෝජන ලැබීම විශේෂත්වයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 13,835 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,621ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,420ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3,433
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 578
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 97

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 16
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • ගෙට්වින් සිම්පනි සමාගම ® කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලයන් බෲවරි සමාගම 09%
  • ලාෆ් ගෑස් සමාගම (X) 7%
  • ෆාර්ම් ගාර්ඩ්න් සමාගම 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්.අයි.ඕ.සී සමාගම කොටස් 534,000ක් රුපියල් 200.00 බැගින්  
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 14.18ක් රුපියල් 210.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 386
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 2,980ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 76 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2,904ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,882
  • හේමාස් සමාගම රුපියල් මිලියන 12
  • මෙල්ස්ටාර් කොප් සමාගම රුපියල් මිලියන 10

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 07
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 01

Related articles

error: Content is protected !!