29.2 C
Galle

කොළඹ වරාය නගරයට නව වීසා ක්‍රම හඳුන්වා දෙයි

Published:

කොළඹ වරාය නගරයට පැමිණෙන ආයෝජකයන් සඳහා නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයන්ට මෙම නව වීසා ක්‍රමය හඳුන්වාදීමට යයි. මෙම නව වීසා ක්‍රමය යෝජනා කර ඇත්තේ කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසිනි. ඒ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ආයෝජකයන් සඳහා “ආයෝජක වීසා” කාණ්ඩය, සේවාවන්හි යෙදෙන අය සඳහා “සේවා වීසා” කාණ්ඩය සහ බදු පදනම මත වාසය කරනු ලබන විදේශිකයන් සඳහා “සීපීසී වීසා” යනුවෙන් වීසා කාණ්ඩ හඳුන්වාදීමට නියමිතය.

Related articles

error: Content is protected !!