27 C
Galle

බීමතින් රිය පදවාගෙන සිරීපාදේ වන්දනාවේ ගිය තරුණියට අධිකරණයෙන් දුන් දඬුවම

Published:

බීමතින් රිය පදවාගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ තරුණියක තම වරද පිළිගැනීමෙන් අනතුරුව අද (21) රුපියල් 25,000.00ක දඩයක් නියම කළ හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන් ඇයගේ රියදුරු බලපත්‍රය ද මාස 03කට අත්හිටුවූවේය.

මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ අම්බලන්තොට, ගොඩක‍වැල්ල ප්‍රදේශයේ පදිංචි උෂානි මේකලා නමැති 18 හැවිරිදි තරුණියකටය.

පසුගිය 16 වැනි දා තරුණයන් දෙදෙනකු සමඟ ඇය ශ්‍රී පාද වන්දනාවේ යාම සඳහා නල්ලතන්නියට පැමිණෙමින් සිටිය දී පොලිසිය විසින් රථය නතර කර තිබිණි. එම අවස්ථාවේ රිය පදවමින් සිටි තරුණිය ද තරුණයන් දෙදෙනා ද අධික ලෙස බීමත්ව සිට ඇත.

Related articles

spot_img
error: Content is protected !!