27.2 C
Galle

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් කරයි

Published:

දෙසැම්බර් 26 සඳුදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අද (22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති දිසාපති සමුළුවේ දී මෙම තීරණය ගෙන තිබේ.

දෙසැම්බර් 26 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නම්කර තිබූ අතර ඒ අනුව රජයේ විශේෂ නිවාඩු දිනයක් බැවින් සියලුම රාජ්‍ය ආයතන  එදින වසා තැබෙනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!