33.3 C
Galle

විදේශිකයෝ රුපියල් බිලියන 30.3ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරයි

Published:

2022 වර්ෂයේ මේ දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 30.3ක ශුද්ධ ආයෝජනයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ සිදුකර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශීය ආයෝජකයන්ගේ මිල දී ගැනීම් ඉහළ යාම ඉතා හිතකර තත්වයක් වන අතර කොටස් වෙළෙඳ පොළ සමාගම්වල ඉදිරි වර්ධනයට ද එය මහෝපකාරී වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 11,587 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,987ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,397ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,239
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 149
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 98

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 11%
  • එච්බීඑෆ්සී සමාගම 10%
  • අබාන්ස් ෆිනෑන්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් සමාගම කොටස් 200,000ක් රුපියල් 235.00 බැගින්  
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 4.75 රුපියල් 202.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 377
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,018ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 148 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 870ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 996
  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 14

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 144
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!