28.3 C
Galle

අධිවේගී මාර්ග අනතුරින් 12ක් රෝහලේ

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (23) අලුයම සිදුවූ අනතුරකින් 12 දෙනකු රෝහල්ගත කර තිබේ.

තුවාල ලැබූ 08 දෙනකු කරාපිටිය රෝහලටත්, 04 දෙනකු ඇල්පිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.

කුරුඳගහහැතැක්ම සහ බද්දේගම හුවමාරු අතර කිලෝ මීටර 74 ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත. ලොරියේ විවිධ සිල්ලර බඩු පටවා තිබී ඇති අතර අනතුරින් එම භාණ්ඩ මාර්ගය පුරා විසිරී ගොස් තිබිණි.

බස් රථය ලොරියේ ගැටීමෙන් එහි එක් පැත්තකට දැඩි හානි සිදුව ඇතැයි ද පොලිසිය පවසයි. මේ අනතුර හේතුවෙන් අලුයම අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට වාහන තදබදයක් හටගෙන තිබූ අතර මේ වනවිට අනතුරට පත් වාහන ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!