27.2 C
Galle

පන්තිය පරක්කු වෙද්දී දිය නෑමට ගිය සිසුවා මරුට

Published:

උපකාරක පන්තියකට පෙර මුහුදේ දිය නෑමට ගිය 12 හැවිරිදි පාසල් සිසුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හලාවත, තොඩුවාව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තොඩුවාව ශාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ 06 වැනි‍ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩබල්වි. සදීප් දිදුලංග නමැති සිසුවෙකි.

ඊයේ (22) සවස ඔහු තවත් මිතුරන් සිව් දෙනකු සමඟ උපකාරක පන්තියකට ගොස් ඇති අතර පන්තිය සවස 5.00ට ආරම්භ කරන බව ගුරවරයා පැවසීම හේතුවෙන් ඔවුන් මුහුදේ දිය නෑමට ගොස් ඇති බව පොලිසිය පවසයි. එසේ දිය නාමින් සිටිය දී හදිසියේ ම ආ රළ පහරකට මෙම සිසුවා ගසාගෙන ගොස් ඇත.

අනෙක් දරුවන්ගේ කෑ ගැසීම අසා පැමිණි අවට සිටි පිරිස් ඔහු බේරාගැනීමට උත්සාහ ගත්ත ද ගොඩට ගන්නා විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!