27.1 C
Galle

හොර ඔප්පු හැදූ ඉඩමකට පැටලුණු රංගේ බණ්ඩාර. පරිසර අධිකාරියේ ලොක්කෙක් අත්අඩංගුවට

Published:

මුන්දලම, මදුරන්කුලියේ, උණවේලි වත්තට අයත් අක්කර පහළොවක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

ඔහු එම ඉඩම පාලිත රංගේ බණ්ඩාරට රුපියල් ලක්ෂ 233ක මුදලකට විකුණු බව ද සඳහන් වෙයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි. ඔහු මන්ත්‍රීවරයාට මෙම ඉඩම විකිණීමට පෙර වෙනත් ව්‍යාජ ඔප්පුවක් සාදා අක්කර 20ක් සඳහා පුද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 47ක මුදලක් ද ලබාගෙන ඇතැයි රහස් පොලිසිය පවසයි.

පුද්ගලික බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීම සඳහා ව්‍යාජ ඔප්පු සකස් කළ අක්කර 20ක භූමියෙන් අක්කර 15ක් පාලිත රංගේ බණ්ඩාර වෙත විකුණා තිබේ.

රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක 03 ඒක‍කයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවය.

Related articles

spot_img
error: Content is protected !!