27.1 C
Galle

සාරිය නිසා පාසල් දැරියකට දිවි අහිමි වෙයි

Published:

සාරියකින් සාදා තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් 12 හැවිදිරි දැරියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ, පිටරත්මලේවත්ත පදිංචි පවුලක දියණියකි. සිය බාල සොහොයුරිය නිදිකරවීම සඳහා දෙමාපියන් විසින් සාරියක් බාල්කයක එල්ලා සාදා තිබූ තොටිල්ලක් ඔන්චිල්ලාවක් සේ පදිමින් සිටිය දී ඇය මේ අනතුරට ලක්ව ඇත.

පොලිසිය පවසන්නේ මියගිය දැරිය සාරි තොටිල්ලේ වාඩි වී එය කරකවමින් සිටින්නට ඇති බවයි.

වතු ආශ්‍රිත නිවාසවල කුඩා දරුවන් නිදිකරවීම සඳහා මෙලෙස සාරිවලින් තොටිලි සෑදීම බහුලව සිදුකරන්නකි. එමෙන් ම මේ ආකාරයෙන් සාරියේ ගෙල සිරවී දරුවන් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මියයන බව ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!