30 C
Galle

මත්තල, රාජපක්ෂ ගුවන්තොටුපොළ රටේ සල්ලි ගිලින හැටි මෙන්න

Published:

මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය වියදම එහි ආදායම මෙන් 20 ගුණයක් බව ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවේ දැක්වේ.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 3,656කි. එමෙන් ම එම මුදල පවා ඵලදායී ලෙස භාවිතා කර නැතැයි ද විගණන වාර්තාව පෙන්වා දෙයි.

2021 වර්ෂයේ දී බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 400කි. විගණන වාර්තාවේ දැක්වෙන පරිදි 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලයේ දී මත්තල ගුවන්තොටුපොළ බදු ගෙවීමෙන් පසු රුපියල් කෝටි 2,000ක අලාභයක් වාර්තා කර ඇත.

මත්තල ගුවන්තොටුපොළ අපේක්ෂා කරන ලද වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ 10ක් වුව ද ගත වූ වසර 05ක කාලයේ දී එම ගුවන්තොටුපොළ භාවිතා කර ඇත්තේ මගීන් 91,744 දෙනකු පමණි.

ගුවන්තොටුපොළ ඉදිකිරීමේ දී ලබාගත්  ඇමෙරිකානු ඩොලර් කෝටි 19ක ණය සඳහා පොළිය ද ඇතුළුව ාාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් කෝටි 261කට වැඩි මුදලක් ද ගෙවීමට සිදුව තිබෙන බව විගණන වාර්තාව දක්වා තිබේ.

මේ අනුව මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් අර්බුදයට ඇද දමන බව ආර්ථික විශේෂඥයෝ කියති.

Related articles

error: Content is protected !!