27.1 C
Galle

රටම කළඹමින් පීඩන අවපාතය දිවයින ඇතුළට එයි

Published:

බෙංගාල බොක්කේ නිරිත දිග මුහුදු ප්‍රදේශයේ හටගෙන තිබෙන පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ නැගෙනහිර දෙසින් ඇතුළු වී රට හරහා ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් අද (25) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යාඥයෝ කියති.

නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර 50ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!