27.1 C
Galle

“මම නෝනව මැරුවා මහත්තයෝ” අම්බලන්තොට පොලිසියට ආ පුද්ගලයකු කී කතාව

Published:

අම්බලන්තොට, දැහැමිපුර ප්‍රදේශයේ පදිංචි සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවකි. අම්බලන්තොට පොලිසියට පැමිණි 55 හැවිරිදි සැමියා තමා බිරිඳ මරා දැමූ බවට පාපොච්ඡාරණය කළ බවත් එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂාකළ විට බිරිඳගේ මළ සිරුර හමුවූ බවත් පොලිසිය පවසයි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කර ඇතැයි ද පොලිසිය කීවේය.

මෙම මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!