27.1 C
Galle

පස් කණ්ඩිය අක්කාගේත් මල්ලීගෙත් දිවි අහිමි කරයි

Published:

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දුණුවිල, ඝනපති වත්තේ නිවසක් මතට අද (25) උදෑසන පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම නිවසේ විසූ දරුවන් දෙදෙනකු‍ගේ ජීවිත අහිමි වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි දියණියක සහ 15 හැවිරිදි පුතෙකි.

උදෑසන 6.30ට පමණ ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කණ්ඩිය සහ විශාල ගලක් නිවස මතට වැටී ඇති අතර ඒ අවස්ථාවේ නිවසේ විසූ මව, පියා සහ 12 හැවිරිදි දියණිය ලබා රෝහල්ගත කර තිබේ.

මියගිය දරුවන් දෙදෙනාගේ සිරුරු ජම්බුගහපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!