27.1 C
Galle

අකුරණ නගරය මුළුමනින් ම ජලයෙන් යට වෙයි

Published:

අධික වර්ෂාවත් සමඟ අකුරණ නගරය අද (25) උදෑසන සිට සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබේ.

නගරයේ වෙළෙඳ සැල්වල පළමු මහළ වැසී යන තරමට මහ ජල කඳක් ගලා යන අතර වාහන පවා ජලයේ ගසාගෙන ගොස් ඇති බව නගරවාසීන් පවසයි.

ඊයේ සවස සිට ඇති වූ දැඩි වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට විශාල බලපෑමක් සිදුව ඇති අතර පුද්ගලයන් 1,500කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අකුරණ ප්‍රදේශයේ පස් කණ්ඩියක් නිවසකට කඩා වැටීමෙන් මරණ දෙකක් ද වාර්තා වී ඇත.

මේ වනවිට මහනුවර දුම්රිය ස්ථානයේ ජලය බැස යමින් පවතින බව ද දැනගන්නට ඇත.

එසේ වුව ද උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු කඩා වැටීම් සහ නාය යාමේ අවදානම හේතුවෙන් දුම්රිය ගමන් අවලංගු කර දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!