27.1 C
Galle

අකුරණ නගරය විනාශ වී ඇති අයුරු (වීඩියෝ දර්ශන)

Published:

මහ වැසි හේතුවෙන් අකුරණ නගරය අද (25) උදෑසන ගංවතුරින් යට වූයේ පෙර නොවූ විරූ ආකාරයෙනි. මේ හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථාන සියල්ලම පාහේ ජලයෙන් යට වූ තනි මහලේ ගොඩනැගිලි වහළ දක්වාත් දෙමහල් හෝ තෙමහල් ගොඩනගැලිවල බිම් මහළත් සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබිණි.

නගරයේ තිබූ වාහන පවා ජලයේ ගසාගෙන ගිය අතර ජලය බැස යන විට ව්‍යාපාරික ස්ථාන රැසක් කැඩී බිඳී ගොස් විනාශ වී තිබෙන අයුරු දැකගත හැකිවිය. ජලය බැසගොස් මද වේලාවකට පසු ලබාගත් දර්ශන මෙහි දැක්වෙයි. එම දර්ශන සිහිපත් කරන්නේ 2004 ‍දෙසැම්බර් 26 වැනි දින මුහුදුබඩ ප්‍රදේශවලට බලපෑ සුනාමියෙන් ඇති වූ විනාශයයි.

Related articles

spot_img
error: Content is protected !!