32.7 C
Galle

අයහපත් කාලගුණය දිගටම පවතී ද ?

Published:

බෙංගාල බොක්කේ නිරිත දිග ප්‍රදේශයේ හටගත් පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද (26) උදෑසන ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන්කිරීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ අද දහවල් එය දිවයිනෙන් පිටතට ගමන්කිරීමත් සමඟ සවස් කාලයේ සිට එහි බලපෑම හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්වය පහව යනු ඇති බවයි.

එසේ වුව ද තද වැසි, සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනකුව මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට සහ නාවිකයින්ට දැනුම්දී ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ  සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ වාර්තාවේ දැක්වේ.

Related articles

error: Content is protected !!