32.7 C
Galle

“විදුලි ගාස්තු වැඩි නොකළොත් දිනකට පැය කිහිපයක් අඳුරේ” – ඇමති කංචන

Published:

විදුලි බිල ඉහළ දැමීම සිදු නොකරන්න නම්, දිනකට පැය කිහිපයක් විදුලිය නැතිවව සිටින්න යැයි ඇමති කාංචින විජේසේකර අද මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලි බිල වැඩි කරන්නේ පසුගිය කාලයේ සිදුවූ පාඩු පිරිමසා ගැනීමට නොවන බවයි.

ඔහු පවසන්නේ සැළසුම් 12ක් සංසන්දනය කර විදුලි ඒකකයක් උපරිම වශයෙන් රුපියල් 56.90ක් දක්වා වැඩිකිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. එවැනි අගයක් දක්වා විදුලි බිල වැඩිකරන්නට සිදුවන්නේ නියඟයක් ඇතිවන්නේ නම් බව ද ඔහු කීවේය. මේ වනවිට විදුලි බිල වැඩිකිරීම සඳහා වූ විකල්ප ක්‍රම 20ක් අධ්‍යයනය කර ඇති බව ද අමාත්‍ය වි‍ජේසේකර පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ජල විදුලිය 27%ක්, ගල්අඟුරුවලින් 28%ක්, විදුලි බල මණ්ඩලයේ ඩීසල් සහ දැවිතෙල් බලාගාරවලින් 13%ක්, සුළං විදුලි බලාගාරයෙන් 2%ක්, පුද්ගලික ඩීසල් බලාගාර සහ දැවිතෙල් බලාගාරවලින් 12%ක්, පුනර්ජනනීය බලශක්තිවලින් 13%ක් සහ වහළ ම සවිකළ සූර්ය පැනල මගින් 4%ක් විදුලිය අවශ්‍ය බවයි.

“දැනට මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමත කර අගෝස්තු මාසයේ දී කරන ලද මිල සංශෝධනයෙන් ඒකකයට ලැබෙන්නේ රුපියල් 29.14යි, ඒ අනුව රුපියල් බිලියන 278ක හිඟයක් තියෙනවා. අපි මේ හිඟය නැතිකර ගැනීමට පමණයි ගාස්තු සංශෝධනය කරන්නේ. මේක මගේවත් ජනාධිපතිතුමාගෙවත්, නිලධාරීන්ගෙවත් පුද්ගලික වුවමනාවට කරන දෙයක් නෙවෙයි. අපිට මේක නොකර ඉන්න පුළුවන්. එහෙම නොකළොත් සෑම දිනකම පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය පුරුදු කරගන්න වෙනවා. අඛණ්ඩව විදුලිය ලබාදෙන ක්‍රමවේදයකට යන්න එවැනි තත්වයක් තුළ බැහැ. අඛණ්ඩ විදුලි සැපයුමකට යන්න නම් පුද්ගලික විදුලි බලාගාරත් භාවිතා කරන්න වෙනවා.”

Related articles

error: Content is protected !!