කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 15,047 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,320ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,452ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 250
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 171
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 145
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 33
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 50%
- නේෂන්ස් ලංකා සමාගම 20%
- එස්එන්බී සමාගම 14%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- කාර්ගීල්ස් සිලෝන් සමාගම කොටස් මිලියන 01 රුපියල් 235.00 බැගින්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 1.6ක් රුපියල් 59.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 353
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 380ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 07කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 373ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කාර්ගීල්ස් සිලෝන් සමාගම රුපියල් මිලියන 250
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 116
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ටෙක්ස් ඇග්‍රෝ සමාගම රුපියල් මිලියන 1.4
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


