32.7 C
Galle

ලීසිං සමාගම්වලට තහංචියක් ?

Published:

ලීසිං සමාගම් විසින් වාහන බලෙන් අත්පත් කරගත නොහැකි බවත් එය නඩු පැවරීමෙන් අනතුරුව කළ යුතු බවත් සඳහන් චක්‍රලේඛයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

එහිි දැක්වෙන්නේ වාහනයක පරම අයිතිය ලීසිං සමාගමට ඇතත් එම වාහනයේ ලියාපදිංචි හිමිකරු විරුද්ධ වන්නේ නම් ලීසිං සමාගමට එය අත්පත් කරගත නොහැකි බවිය. පසුගිය කාලයේ දී ලීසිං සමාගම් විසින් කල්බදු නොගෙවූ වාහන අත්පත් කරගැනීමේ දී විවිධ ගැටලු මතු වී ඇති අතර වාහන අත්පත් කරගැනීම් සම්බන්ධයෙන් පොලිසියට ඉදිරිපත් කරනු ලබන පැමිණිලි භාර ගැනීම ද ඇතැම් පොලිස් ස්ථානවලින් ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ අතර ලීසිං සමාගම්වල කොන්ත්‍රාත්කරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින් විශාල වශයෙන්  වාහන පැහැරගැනීම් සිදුකරන අවස්ථා ද වාර්තා වී තිබිණි.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ වාහන අත්පත්කරගැනීම සම්බන්ධයෙන් සියලු පැමිණිලි භාරනෙ නිවැරදි විමර්ශනයක්  සිදුකළ යුතු බවයි. එමෙන් ම වාහන අත්පත් කරගැනීමේ දී එය අධිකරණයේ අවසරයක් මත සිදුකළ යුතු බව ද එහි සඳහන් වේ

Related articles

error: Content is protected !!