32.7 C
Galle

තිළිණි ප්‍ර්‍රියමාලි ඇප ලබා, මාධ්‍යයට දොස් කියයි

Published:

බන්ධනාගාරය තුළ දී ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි තිළිණි ප්‍රියමාලි අද (27) ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.

මූල්‍ය වංචා චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරය තුළ රිමාන්ඩ් කර සිටි ඇය මීට පෙර එම නඩුව සම්බන්ධයෙන් ඇප ලබා තිබුණ ද බන්ධනාගාරයේ දී දුරකථනයක් ළඟ තබාගැනීම සම්බන්ධයේ තවදුරටත් රිමාන්ඩ් කර තිබිණි. මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීමේ දී ඉදිරිපත් කර තිබූ සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කර තිබූ බැවින් එම කොන්දේසි අනුව ම අද ඇය මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

ඒ අනුව අද (27) තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරයෙන් නික්ම ගියාය.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් ඉතාමත් හොඳින් බන්ධනාගාරයේ සිටි බවයි. විවේකීව කාලය ගත කළ බව ද ඇය කීවාය. මූල්‍ය ගනුදෙනු කළ අය තමන් සමඟ තරහ වූ විට බොරු පැමිණිලි කරන බවත් මෙවැනි පැමිණිලි රට පුරාම අධිකරණවල විභාග කෙරෙමින් පවතින බවත් ඇය කීවාය. එහෙත් අධිකරණයෙන් කෙනෙකු වරදකරු කරන තුරු නිවැරදිකරුවකු ලෙස ජීවත්වීමට අයිතිය ඇති බවත් රටේ මාධ්‍ය තමන්ට එම අයිතිය අහිමිකළ බවත් ඇය කීවාය. තමන් ගැන විවිධ කතා කියමින් දිනපතාම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්වේ විශාල ප්‍රචාරයන් කෙරුණු බව ද ඇය කීවාය. තමන් තවමත් වරදකරුවකු හෝ නිවැරදිකරුවකු වී නැති බව ද අධිකරණය එය තීරණය කරනු ඇතැයි ද තිළිණි ප්‍රියමාලි කීවාය.

Related articles

error: Content is protected !!