32.7 C
Galle

ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

Published:

ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානවලින් පරිබාහිරව වෙනත් පාසල් වෙත අනුයුක්ත කර සිටින ගුරුවරුන්ගේ අනුයුක්තය 2022 අධ්‍යයන වර්ෂය අවසන් වනතුරු දීර්ඝ කිරීමට අධ්‍යාාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් 31 වැනි දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර සිටි ගුරුවරු සියලු දෙනා ලබන 2023 මාර්තු මස 24 වැනි දා දක්වා අනුයුක්තය දීර්ඝ කළා සේ සැළකෙන බව ද එම නිවේදනයේ දැක්වේ. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එම ගුරුවරුන්ට ඉදිරියේ දී මාරු මණ්ඩලය මගින් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් මෙය ක්‍රියාත්මක වන බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ නැවත එම අනුයුක්ත දීර්ඝ නොකන බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් යළි ලිපි හෝ චක්‍රලේඛ නිකුත් නොකරන බැවින් මාරුත් 24 වැනි දා ට පසු තම නිත්‍ය සේවා ස්ථානවෙත හෝ මාරු මණ්ඩලයේ මාරුවීම් ලැබී ඇත්නම් එම ස්ථානවෙත වාර්තා කිරීම අනිවාර්ය බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related articles

error: Content is protected !!