32.7 C
Galle

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 11,129ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 856ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 41ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,411.42ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 254.32
  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 100.69
  • එක්ස්පේා ලංකා සමාගම රුපියල් මිලියන 94.3

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 13
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන04
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇපල්ට්ස් සමාගම (X) 33.33%
  • ආපිකොක් ඉන්ෂුවරන්ස් සමාගම 25%
  • සීගිරිය විලේජ් සමාගම 13.68%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 352
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 16ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 02ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 14ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 3.7
  • AHOT ප්‍රොපටීස් සමාගම රුපියල් මිලියන 3.4

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම රුපියල් මිලියන 0.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!