31.1 C
Galle

ඇමෙරිකාවෙන් ඇවිත්, උණ්ඩ රැගෙන යාමට හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Published:

ශ්‍රී ලංකාවේ සංචරය නිමවා සිය පෙම්වතිය සමඟ මෙරටින් පිටව යාමට සූදානම් වූ ඇමෙරිකානු ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී මිලිමීටර 09 ජීව උණ්ඩ 10ක් සහිත පතොරම් ගැබක් සොයාගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පවසයි.

සැකකරුවා 38 හැවිරිදි ටැක්සි රියදුරෙකි. ඔහුගේ පෙම්වතිය ජපන් ජාතික තරුණියකි.

මාළඹේ පදිංචිව සිටින මිතුරියකගේ විවාහ උත්සවයකට සහභාගීවීම සඳහා මොවුන් දෙදෙනා දෙසැම්බර් 07 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඇමෙරිකන් ජාතිකයාගේ ගමන් මල්ල පරිලෝකනය කිරීමේ දී ඒ තුළ උණ්ඩ ඇතිබව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා පොලිසිය භාරයට පත්කර තිබිණි.

සැකකාර ඇමෙරිකානු ජාතිකයාට ඇමෙරිකාවේ දී ගිනි අවියක් භාවිතා කිරීමට අවසරය ඇති බව ද පොලිසිය පවසයි.  

Related articles

error: Content is protected !!